🔮 2026 Lagna Palapala & Avurudu Nakath ලග්න පලාපල සහ නැකත්
🕒
අද රාහු කාලය (බ්‍රහස්පතින්දා)
ප.ව. 01:30 - ප.ව. 03:00
ඔබේ ලග්නය මත Click කර පලාපල බලන්න:
මේෂ
වෘෂභ
මිථුන
කටක
සිංහ
කන්‍යා
තුලා
වෘශ්චික
ධනු
මකර
කුම්භ
මීන
🎋 2026 සිංහල අවුරුදු නැකත්
| නව සඳ බැලීම | අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු 20 සිකුරාදා දින ද, අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් 19 ඉරිදා දින ද නව සඳ බැලීම මැනවි. |
| පරණ අවුරුද්ද සඳහා ස්නානය | අප්‍රේල් 13 සඳුදා දින දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි. |
| අලුත් අවුරුදු උදාව | අප්‍රේල් 14 අඟහරුවාදා දින පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ. |
| පුණ්‍ය කාලය | අප්‍රේල් 14 අඟහරුවාදා පූර්වභාග 03.08 සිට එදින අපරභාග 03.56 දක්වා. |
| ආහාර පිසීම | අප්‍රේල් 14 අඟහරුවාදා පූර්වභාග 10.51 ට. වර්ණය: රක්ත වර්ණ (රතු) වස්ත්‍රාභරණයෙන් සැරසී දිශාව: දකුණු දිශාව බලා ආහාර: කිරිබතක් ද කැවිලි වර්ගයක් ද පිළියෙල කරගැනීම මැනවි. |
| වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය | අප්‍රේල් 14 අඟහරුවාදා අපරභාග 12.06 ට. වර්ණය: රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දිශාව: දකුණු දිශාව බලා. |
| හිසතෙල් ගෑම | අප්‍රේල් 15 බදාදා පූර්වභාග 06.55 ට. වර්ණය: පච්ච වර්ණ (කොළ) වස්ත්‍රාභරණයෙන් සැරසී දිශාව: නැගෙනහිර දිශාව බලා සටහන: හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා. |
| රැකී රක්ෂා සඳහා පිටත්වීම | අප්‍රේල් 20 සඳුදා පූර්වභාග 06.27 ට (ශ්වේත වර්ණ/සුදු ඇඳ දකුණු දිශාව බලා) හෝ පෙ.ව. 06.50 ට (මුතු හා ශ්වේත වර්ණ ඇඳ නැගෙනහිර දිශාව බලා) පිටත්වීම මැනවි. |
මූලාශ්‍රය: ප්‍රවීණ ජෝතිර්වේදීන්ගේ 2026 වසරේ පලාපල විග්‍රහයන් ඇසුරිනි.
මෙම පලාපල විස්තර ඔබේ මිතුරන් අතර Share කරන්න: